උදව් මධ්‍යස්ථානය · ආරම්භ කිරීම

උදව් ලබා ගැනීම

උදව් මධ්‍යස්ථානය සොයාගන්නා තැන, එහි සොයන හැටි සහ Sevo සහාය කණ්ඩායම අමතන හැටි.

මෙය කළ හැක්කේ කාටද: සියලු දෙනා.

උදව් මධ්‍යස්ථානය විවෘත කරන්න

  1. මෙනුවේ පහළින්, ඔබේ නම අසල ඇති ප්‍රශ්නාර්ථ ලකුණු අයිකනය ඔබන්න.
  2. උදව් මධ්‍යස්ථානය බ්‍රව්සරයේ නව ටැබ් එකක විවෘත වන නිසා, ඔබ වැඩ කරමින් සිටි තිරය විවෘතවම පවතී.
  3. "ආපසු" හෝ "ආරම්භක තොගය" වැනි වචනයකින් සොයන්න, නැතහොත් ක්ෂේත්‍රය අනුව මාර්ගෝපදේශ බලන්න.

තිරයේම ඇති උදව්

බොහෝ තිරවල මාතෘකාවට යටින්, එම තිරය කුමක් සඳහාදැයි කියන කෙටි විස්තරයක් ඇත.

කොටුවලට යටින් බොහෝ විට ඉඟියක් ඇත. වැරැද්දක් සහිත පෝරමයක් සුරැකූ විට, ගැටලුව ඇති කොටුව සලකුණු වී නිවැරදි කළ යුතු දේ පණිවිඩයකින් කියයි.

තිරයේ කෙළවරේ පෙනෙන කෙටි පණිවිඩ, දැන් සිදු වූ දේ තහවුරු කරයි; උදාහරණයක් ලෙස "සමාගම් පැතිකඩ සුරැකුවා."

සෑම CSV උඩුගත කිරීමකම "අච්චුව බාගන්න" බොත්තමක් ඇත. උඩුගත කිරීමට අවශ්‍ය නිවැරදි තීරු ශීර්ෂ එම අච්චුවේ ඇත.

මුලින්ම ඔබේම පරිපාලකගෙන් අසන්න

බොහෝ ප්‍රශ්න ප්‍රවේශය ගැනය: මෙනුවේ නැති අයිතමයක්, එබිය නොහැකි බොත්තමක්, හෝ කියවීමට පමණක් හැකි බව කියන තිරයක්. භූමිකා සහ අවසර වෙනස් කළ හැක්කේ ඔබේ සමාගමේ පරිපාලකයෙකුට පමණි; ඒ නිසා මුලින්ම ඔවුන්ගෙන් අසන්න.

Sevo සහාය අමතන්න

ඔබට පිළිතුර සොයාගත නොහැකි නම්, උදව් මධ්‍යස්ථානයේ පහළින් ඇති "Cannot find it?" (සොයාගත නොහැකිද?) කොටුවේ සහාය ඊමේල් ලිපිනය සහ අපගේ වැඩ කරන වේලාවන් ඇත. අප වෙත ළඟා වීමට ඇති අනෙක් ක්‍රම වෙබ් අඩවියේ Contact පිටුවේ ඇත.

ඔබ කිරීමට උත්සාහ කළ දේ, ඔබ සිටි තිරය සහ ඔබට පෙනුණු පණිවිඩය හරියටම අපට කියන්න. තිර රුවක් (screenshot) ඉතා ප්‍රයෝජනවත්. සහාය කණ්ඩායමට ඇතුළුව කිසිවෙකුට කිසිදා ඔබේ මුරපදය එවන්න එපා.

මෙම ක්ෂේත්‍රයේ තවත්